Edward Snowden ආරක්ෂා කල ශ්‍රී ලංකික පවුලට කැනඩා රජය විසින් දේශපාලන රැකවරණ ලබා දෙයි

ඇමරිකානු රාජ්‍ය ඔත්තු සේවයේ( NSA) හි සේවය කල Edward Snowden හොංකො හි සැඟවී සිටියදී ආරක්ෂා කල ශ්‍රී ලංකික යුවලට හා ඔවුන්ගේ දරුවන්ට කැනඩා රජය විසින් දේශපාලන රැකවරණ ලබා දී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. ඔවුන් සැප්තැම්බර් 28 වැනි අඟහරුවාදා හවස කැනඩාවේ ටොරෙන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට හොංකො සිට පැමිණ ඇත.

සුපුන් තිලිණ කැලාපත හා නදීකා දිල්රුක්ෂි නෝනිස් හා ඔවුන්ගේ දරුවන් දෙදනා කැනඩාවේ FOR THE REFUGIES නම් සංවිධානයේ ආරක්ෂාව ඇතිව එරටට පැමිණ ඇත. 2013 දී Edward Snowden විසින් ඇමරිකාවේ CIA ව්‍යාපාරය විසින් ලෝක ජනතාව පිළිබඳව රහසිගතව තොරතුරු එක් රැස් කරන ක්‍රමවේදයක් ඇති බවට හෙළිකිරීමෙන් පසුව ජීවිත ආරක්ෂාව සඳහා එරටින් පලා ගොස් හොංකො හි දේශපාලන රැකවරණ පැතුවේය. ඔහු හොංකො ජිවත් වූ කාලයේදී ඔහුට රැකවරණ ලබාදෙමින් ආරක්ෂා කරනු ලැබූවේ ඉහත ශ්‍රී ලංකික පවුල හා ඔහුට තම නිවසේ නවාතැන් ලබා දුන් ශ්‍රී ලංකික අජිත් පුෂ්ප කුමාර මහතා විසිනි.

මේ වනවිට අජිත් පුෂ්ප කුමාර මහතා තවමත් රැඳී සිටින්නේ හොංකො හිදී වන අතර ඔහුගේ ජිවිතයටද තර්ජන ඇතැයි ඔහුගේ නීතිඥ Marc-André Séguin ප්‍රංශ පුවපත් සේවයට පවසා සිටියේය.

“snowdenට ආරක්ෂාව ලබා දුන් මෙම දේව ආරක්ෂකයින්ට (“guardians of angels”) දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස අප ඉල්ලා සිටියේ 2017 වසරේ සිටයි. නමුත් කැනඩා රජය දිගින් දිගටම එය ප්‍රමාද කරනු ලැබුවා. 7 වැනි හා අවසාන දේව ආරක්ෂකයා ලෙස සලකන අජිත් පුෂ්පකුමාර මහතාටද කැනඩාවට පැමිණීමට අවශ්‍ය පරිසරය ඉතා ඉක්මනින්ම සලසා දෙන ලෙස අප රජයෙන් තදින් ඉල්ලා සිටිනවා” යයි ඔහු බලකර සිටියේය.

Edward Snowden මේ වනවිට වාසය කරනුයේ රුසියානු ආරක්ෂාව යටතේ වන අතර 2020 ඔක්තෝබර් 22 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් වසර දහයක ස්ථිර විසා බලපත්‍රයක් ඔහුට ප්‍රධානය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *