දූෂණ චෝදනා සම්බන්ධයෙන් අපූරු සිරදඬුවමකට ලක්වන ප්‍රංශයේ හිටපු ජනාධිපති සාර්කොසි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අපූරු සිරදඬුවමකට ලක්වන ප්‍රංශයේ හිටපු ජනාධිපති සාර්කොසි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අපූරු සිරදඬුවමකට ලක්වන ප්‍රංශයේ හිටපු ජනාධිපති සාර්කොසි

2012 වසරේදී සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවිරෝධී අයුරින් අති විශාල මුදලක් යෙදවූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමත් සමඟ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලොස් සාර්කොසිට වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

මෙම තීන්දුව (30) දිනයේ පැරිස් නුවර අධිකරණයක් විසින් ලබා දී ඇති අතර සාර්කෝසි දිගින් දිගටම පවසන්නේ, තමන් කිසිදු වරදක් නොකළ බවයි. අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ද ඔහු ඒ බව නීතීඥවරුන් හරහා අධිකරණයට පෙන්වා දී තිබේ. වරදකරු වී සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට 66 හැවිරිදි වියේ පසුවෙයි.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු සාර්කෝසිගේ නීතිඥයින් කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවය. වසරක සිර දඩුවමක් නියම කළත් හිටපු ජනාධිපතිවරයකු වීම සැලකිල්ලට ගනිමින්, ඔහුට හිමි දඩුවම ක්‍රියාත්මක වනු ඇත්තේ ඔහු නිවාස අඩස්සියට ලක් කිරීමෙනි.

සාකෝර්සිගේ පාදයේ ඉලෙක්ට්‍රොනික වළලලක් (බ්‍රේස්ලට්) සවි කෙරේ. චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් වළල්ල ඇති ස්ථානය හඳුනා ගැනීම සිදුවෙයි. ඒ අනුව, සාර්කෝසි නිවසේ සිටිනවාදැයි පොලිසියට සහ ආරක්ෂක නිලධාරීන්ට දැනගත හැකිය. සාර්කෝසි නිවසින් පිටතට එක් අඩියක් හෝ තැබුවොත් ආරක්ෂක අංශවලට අනතුරු ඇඟවීමක් ලැබෙයි. වළල්ල ගැලවීමට ද හැකියාවක් නැත. එය ගැලවීමට උත්සාහ ගතහොත් ආරක්ෂක අංශවලට ඒ ගැන අනතුරු ඇඟවෙයි.

2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු සාර්කෝසි, ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කළ මුදල යූරෝ මිලියන 22.5 කි. මෙය සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන්ට යෙදවිය හැකි සාමාන්‍ය මුදල මෙන් දෙගුණයක් බව පැවැසෙයි. සාර්කෝසි පළමුවෙන් ජනාධිපති ධුරයට පත් වූයේ 2007 වසරේදීය. 2012 දී මහා මුදලක් වැය කරමින් දිගටම බලයේ රැඳී සිටීමට ඔහු උත්සාහ කළත් එය අසාර්ථක විය. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ෆ්‍රන්සුවා ඕලන්ද්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *