“මේ පිස්සු යකා” යනුවෙන් ඇමතූ උදිත් ලොකුබණ්ඩාරටත් ලේකම් තනතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය 09වන දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් උදිත් ලොකුබණ්ඩාර ට ලබාදී ඇත. උදිත් ලොකුබණ්ඩාර 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ සමීපතමයකු ලෙස කටයුතු කරනු ලැබූ අතර එක් අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ විසින් “මේ පිස්සු යකා” යනුවෙන් අමතමින් බැණවදින දර්ශන සමාජ මාධ්‍ය තුළ සංචරණය විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *