නවසීලන්ත සුපිරි වෙළඳසැලේ පිහි ඇණුම සිදු කළ ලාංකික අන්තවාදී සැකකරු ඝාතනය කෙරේ

AUCKLAND, NEW ZEALAND - SEPTEMBER 03: Police guard the area around Countdown LynnMall where a violent extremist reportedly stabbed six people before being shot by police on September 03, 2021 in Auckland, New Zealand. A man has been shot dead by police after reportedly stabbing six people at LynnMall supermarket in Auckland. Prime Minster Jacinda Ardern has addressed the country describing the attack as violent and senseless. (Photo by Fiona Goodall/Getty Images)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික අන්තවාදී සැකකරු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇති බවයි.

විනාඩියක් වැනි කෙටි කාලයක් ඇතුළත නවසීලන්ත පොලීසිය ප්‍රහාරකයා ඝාතනය කර ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පැවසුවා ය.

මේ අතර නවසීලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව රෝහල්ගත කර ඇති තුවාලකරුවන් අතරින් තිදෙනෙකු පසු වන්නේ ඉතා බරපතළ තත්ත්වයකයි.

සිද්ධියෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, සිදුවීම නින්දිත, වෛරී සහගත අපරාධයක් බවයි.

තවද සැකකරු පිළිබඳව අනන්‍යතාව හෙළි නොකළ අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, මෙම පුද්ගලයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණි පුද්ගලයෙකු බවයි.

ඔහුගේ මතවාදය පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් අදාළ පුද්ගලයා එරට ආරක්ෂක අංශවල නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි අයෙකු බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

IS ත්‍රස්ත කණ්ඩායමේ අනුගාමියෙකු ලෙස සැලනෙක මෙම අන්තවාදි පුද්ගලයා පිළිබඳව වසර 05 ක පමණ සිට නවසීලන්ත ආරක්ෂක සැලකිලිමත්ව සිට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *