තලෙයිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ බලාධිකාරය ශ්‍රී ලංකාව පිළිගැනීම කෙසේ බලපායි ද?

ශ්‍රී ලංකා රජය විසින් ඉස්ලාමීය මූලධර්මවාදී තලෙයිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ බලාධිකාරය පිළිගෙන ඇති අතර එම සංවිධානය විසින් එරට සිටින විදේශිකයින්ට දෙන ලද “පොදු සමාව” පිළිබඳව සතුට පළ කරමින් ශ්‍රී ලංකා රජය පැවසුවේ සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටින බවය.

“දැන් තාලිබාන් සංවිධානය බලයේ සිටින බැවින් නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ සුරක්ෂිතභාවය, ආරක්‍ෂාව සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි,” යනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.තාලිබාන් සංවිධානය පොදු සමාවක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරන බව කියා සිටි විදේශ අමාත්‍යාංශය කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට දී ඇති පොරොන්දුව වෙනුවෙන් කැපවීමට “දිගටම ගෞරව කරන ලෙස” තාලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් නිවේදනය කළේය.

කෙසේවෙතත්, ඇෆ්ගනිස්ථානයේ නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලේබාන් සංවිධානයෙන් සමාව ලබා දිය යුත්තේ ඇයිද යන්න පැහැදිලි නොමැති බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන මහකොමසාරිස් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගෙන, ශක්තිමත් ඇෆ්ගනිස්ථාන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට සහ වර්ධනය වන ද්විපාර්ශ්වික සබඳතාවලට අනුකූල ව ශ්‍රී ලංකාව ඔහුට සහ ඇෆ්ගනිස්ථානයට පූර්ණ සහයෝගය ලබා දීමට පොරොන්දු වූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *