මංගලගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය නායකයන්, තාන්ත්‍රිකයන් රැසක් කනගාටුව පළ කරයි

0

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් තාන්ත්‍රිකයන් රැසක් සිය කනගාටුව පළ කර ඇත.

ඉකුත් ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය සහ විදේශ අමාත්‍ය ධුර හෙබ වූ මංගල සමරවීර මහතා නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින කිහිපයකට සිට රෝහල් ගත ව ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ (24) අභාවප්‍රාප්ත විය.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරියස්, නෝර්වේ හි රාජ්‍ය තාන්ත්‍රිකයකු වන එරික් සෝල්හයිම්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෝයිබාර්ට්, ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් නිරූපමා මෙනන් රාඕ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන සර් හියුගේ ස්වයර්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් යන මහත්ම මහත්මීන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය සහ කනගාටුව පළ කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com