රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනාට ඇප දෙයි – ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරන්නට පොලිසියට බැරිවෙයි

0
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයට තවත් පෙත්සම් කිහිපයක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයට තවත් පෙත්සම් කිහිපයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පෙරේදා(16) නියෝග කළේය .

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එම සිද්ධියෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය , සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාර දෙන ලෙසට සැකකරුට නියෝග කළේය.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය ශාලිනී ජූඩ් කුමාර් නමැති දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඇත.

මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනයක් වේලාවක් නිශ්චිතව ඉදිරිපත්ව නොමැති වුවත් කාලාවරෝදය මත සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කුරුඳු පොලීසිය අධිකරණයට සදහන් කර ඇත .

මහජන කැලඹීමක් ඇති වීමට ප්‍රධාන සාධක ඇති බැවින් මෙම සිද්ධියෙන් සැකකරු ඇප මත මුදා නොහරින ලෙසට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුට ඇප ලබා නොදීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලිසිය ඉදිරිපත් කර නොතිබීම සහ මහජන කැලඹීමක් ඇතිවේයැයි කියමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට සඳහන් කළ එම සිද්ධියෙන් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ඇප මත මුදා හැරියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *