අජිත් රෝහණ ඉවතට, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

අජිත් රෝහණ ඉවතට, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

අජිත් රෝහණ ඉවතට, නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ එම ධුරයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මෙම ඉවත් කිරීම සහ පත් කිරීම සිදු කර තිබේ.

හදිසියේ අජිත් රෝහණ එම තනතුරෙන් ඉවත් කරන ලද්දේ මීලඟ පොලිස්පති තනතුර සඳහා පවතින අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන්ද යන්න මේ වන විට මෙම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සංවාදයකට ලක්ව තිබේ.

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වනවිට වාර 5කදී එම ධූරයේ කටයුතු කර තිබේ. මේ වන විට පොලිස් අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කටයුතු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *