(VIDEO) සිංහල භාෂාවේ ප්‍රශ්නයක් නිසා වෙල්ගම සහ ගෙවිඳු, අලි සබ්‍රි සමග මත ගැටුමක

(VIDEO)සිංහල භාෂාවේ ප්‍රශ්නයක් නිසා වෙල්ගම සහ ගෙවිඳු, අලි සබ්‍රි සමග මත ගැටුමක

(VIDEO)සිංහල භාෂාවේ ප්‍රශ්නයක් නිසා වෙල්ගම සහ ගෙවිඳු, අලි සබ්‍රි සමග මත ගැටුමක

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට සිංහල භාෂාවෙන්ද ලබාදෙන්නැයි (ශ්‍රී.පො.පෙ) පත්කළ මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී (17) ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට ලබාදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් එම තීරණ මවු භාෂාවෙන් ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය. එසේම එලෙස කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීමකැයිද කුමාරතුංග මහතා පැවසුවේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා: ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි ඒ පිටපත කෙලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ගෙවිඳු කුමාරතුංග මහතා: අධිකරණ ඇමතිතුමා ඒක කරන්නෙ නැත්නම් ඔබතුමා හරි නිලධාරීන් මාර්ගයෙන් සිංහල පිටපතක් ලබා දීමට කටයුතු කරන්න. විසිවෙනි සංශෝධනය සහ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මේ සභාවට දැනුම් දුන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා: අපි ඒක සාකච්ඡා කරලා විසඳා ගනිමු.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා: අපි ඉදිරිපත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පිටපත. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නම්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා: කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පසුගිය ජූලි මාසයේදී මේ සභාවට ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එය හොර පාරෙන් අධිකරණයට ගිහින් එනකම් අපි දන්නෙ නෑ මොකක්ද වෙන්නේ කියලා. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල භාෂාව පාවිච්චි කරන මිනිස්සු. අධිකරණ ඇමතිවරයාට අවශ්‍ය ගේම් ටික ගහ ගන්නයි මෙහෙම වැඩ කරන්නේ. කොරෝනා වසංගතය අස්සෙ ආණ්ඩුව වෙන ගේම් ගහනවා.

පසුව මේම කරුණ සම්බන්දව මන්ත්‍රි වෙල්ගම සහ ගෙවිඳු කුමාරතුංග, අධිකරණ ඇමති අලි සබ්‍රි සමග මත ගැටුමක් ද ඇතිවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *