කොරෝනා වසංගතයට අදාලව ගෝඨාභය – රනිල් විනාඩි 40ක විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වසංගතයට අදාලව ගෝඨාභය - රනිල් විනාඩි 40ක විශේෂ සාකච්ඡාවක්

කොරෝනා වසංගතයට අදාලව ගෝඨාභය - රනිල් විනාඩි 40ක විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් (17) පෙරවරුවේ පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව (16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡාව සිදු කෙරිණි. සාකච්ඡාව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් පවත්වා තිබේ.

කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *