සුන්දර දැදුරු ඔයට විවිධ පිඩා – වැලි ජාවාරම් කරුවන්ගෙන් බරපතලම හානි

සුන්දර දැදුරු ඔයට විවිධ පිඩා; වැලි ජාවාරම් කරුවන්ගෙන් බරපතලම හානි

සුන්දර දැදුරු ඔයට විවිධ පිඩා; වැලි ජාවාරම් කරුවන්ගෙන් බරපතලම හානි

වැලි ජාවාරම් කරුවන් කිසිදු සිමාවකින් තොරව දැදුර ඔය වනසමින් ඇති බව පරිසරවේදිහු චෝදනා එල්ල කරති.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මුලාශ්‍රයක් ලෙස සැලකෙන දැදුරු ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගොන්මුත්තාව හා මොරන්කන්ද යන යන කදු පන්තිය මුදුනින් ආරම්භ වන අතර මෙය මුහුදු මට්ටමේ සිට මිටර් 300 උසකින් පිහිටි බව කියයි.

සුන්දර කදු පන්ති යුගලක් වන ගොන්මුත්තාව හා මොරන්කන්ද මුදුනින් ගලා එන දිය පහරවල් දෙකකින් ආරම්භ වන දැදුරු ඔය ඉන් පසුව එක් දිය පහරක් ලෙස ගලා එම සිදුවෙති. ගම් නියම් ගම් පසු කරමින් පැමින හලාවතින් මුහුදට වැටෙන දැදුරු ඔය ඒ අතර තුරදී විවිධ පිඩාවන්ට ලක්වන බව පරිසරවේදින් පවසති. එයින් බරපතලම හානිය වන්නේ ඉවක් බවක් නොමැතිව සිදුවන වැලි ජාවාරම් කරුවන්ගෙන් බව කියයි.

මෙම ජාවාරම මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම, ආරච්චිකට්ටුව, හලාවත හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, රස්නායකපුර, බිංගිරිය, කොබෙයිගනේ ඇතුළු පොලිස් බල ප්‍රදේශවල දරුණු වි ඇති බව කියයි.

 


-LD

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *