“ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න” – ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල සභිකයන්ගෙන් ඉල්ලීමක්

"ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න" - ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම්ට කොංග්‍රස් මණ්ඩල සභිකයන් හතර දෙනෙකුගෙන් ඉල්ලීමක්

"ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න" - ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම්ට කොංග්‍රස් මණ්ඩල සභිකයන් හතර දෙනෙකුගෙන් ඉල්ලීමක්

දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඩ් රෝගීන් ප්‍රමාණය හා මරණ සංඛ්‍යාව සමග ශ්‍රී ලංකාව ඔවුන් සතු සම්පත්වල සීමාවටම පැමිණ ඇති හෙයින් මෙම අවස්ථාවේදී සංචාරක වෛද්‍ය ඒකක සපයමින් ශ්‍රී ලංකාවට ආධාර කළ යුතු යැයි වොෂින්ටන් ඩී.සී.හි කොංග්‍රස් මණ්ඩල සභිකයන් හතර දෙනෙකු ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

කොංග්‍රස් මණ්ඩලයේ ඩීනා ටයිටස්, රාජා ක්‍රිෂ්ණමුර්ති, හෙන්රි සී. ‘හැන්ක්’ ජොන්සන් (කනිෂ්ඨ) සහ ෆ්‍රෑන්ක් පැලෝන් (කනිෂ්ඨ) යන සභිකයන් විසින් මෙම ලිපිය ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම ලිපියේ මෙසේ ද දැක්වේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර තත්ත්වය නරක අතට හැරෙමින් පවතී. මේ වන විට දිනකට නව ආසාදිතයන් 3,200කට අධිකව වාර්තා වන අතර දෛනිකව වාර්තාවන සාමාන්‍ය මරණ සංඛ්‍යාව සියයකි. එය ඉකුත් සතියේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

එන්නත්කරණය තරමක් සතුටුදායක වුවද ජනගහනයෙන් 31.69%ක් පමණක් එන්නත්කරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ආධාර අවශ්‍ය මේ අවස්ථාවේ උපකාර කරන ලෙස අපි මහත් ඕනෑකමකින් ඉල්ලා සිටිමු.

ජූනි මාසයේ අවසන් සතියේදී ඇතිවූ රැල්ල අගෝස්තු මාසයේ පළමු සතිය තුළදී ඉහළ යන්නට විය. වයිරස් රෝගය හේතුවෙන් මියගිය අයගේ සිරුරු සඳහා රෝහල් ශීතාගාරයන්හි ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එම සිරුරු සමූහ වශයෙන් ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ.

රටේ මෘතශරීරාගාරයන්හි ගොඩගැසෙන මෘතශරීර සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී ආදාහනාගාර පැය විසිහතරම වැඩ කරන බවට වාර්තා පළ වී තිබේ. සමහර හෝටල් රෝහල් බවට පරිවර්තනය කර ඇති බවද වාර්තා වේ. ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොරෝනා ආසාදිතයන් ඉහළ යාමෙන් රටට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ඇති අසංවිධානාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් සහ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සැලසීමේ ඇති අඩු පාඩුකම් සම්බන්ධයෙන් සලකා බලා විසඳුම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ජනාධිපති රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

අවසාන වශයෙන් පවතින බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපකාරී වන පරිද්දෙන් විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වයේ ඇති දිස්ත්‍රික්කයන්හි රෝගීන් සඳහා තාවකාලික වෛද්‍ය ඒකක ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය ආධාර කඩිනමින් ඉහළ නංවන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිමු.

අතීතයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් හදිසි තත්ත්වයන්හිදී ඇමරිකාව ඉතා පුළුල් ලෙස ආධාර උපකාර ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබෙන අතර මෙම අවදානම් අවස්ථාවේදීද විශ්වසනීය සහකරුවෙකු ලෙස ඉතා වැදගත් වෛද්‍ය ඒකක සැපයුම් කරමින් සහාය දැක්විය යුතුය. අප මේ සම්බන්ධයෙන් ඔබගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වෙමු.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *