(Video) රනිල්ගේ එන්නත්කරන විවේචනයන්ට, හමුදාපතිගෙන් පිළිතුරු

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර වෙනුවෙන් කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ හා සම්බන්ධව දිවයින පුරා සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මෙරට ජනතාව දැඩි ප්‍රසාදයකින් කතා කරන අවස්ථාවක එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම පිළිගත නොහැකි බවත් එල්ල කරනු ලබන චෝදනාවලට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලෙස පිළිතුරු දීම තම යුුතුකම හා වගකීම බවද හමුදාපතිවරයා සදහන් කළේය.

කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවත් සෞඛ්‍ය ඇමතිවරියන් දෙදෙනා හා අමාත්‍යවරයා ද එහි සිටින අතර ඇමතිවරුන්ද ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිවිද හමුදාපතිවරුන් පොලිස්පතිවරයා හා විශේශඥ වෛද්‍යවරුන්ද එම බලකායට ඇතුළත් බවත් එම කාර්‍ය සාධක බලකායෙන් ගන්නා තිරණ ජනාධිපති හෝ අපි ගන්නා තිරණ නොවන බවත් සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *