ජනපති සමාව ලැබූ දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ බාරගනී

ජනපති සමාව යටතේ නිදහස ලැබූ දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ බාරගනී

ජනපති සමාව යටතේ නිදහස ලැබූ දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ බාරගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් (10) වැඩ බාරගෙන තිබේ.

අදාළ තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඒ මහතාව පත් කෙරුණේ පසුගිය මාසයේදීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බවට තීන්දු වී මරණීය දණ්ඩනය නියම වී 2016 වසරේ සිට බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවේ පසුගිය ජුනි 24 වනදාය.

දුමින්ද සිල්වා මහතා ඉදිරි පළාත්සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *