“සෞඛ්‍ය අංශ දිනකට ගැහුවේ එන්නත් 2500යි. හමුදාව ආවාම දිනකට ලක්ෂ 5ක් දක්වා වැඩිවුණා” – ආරක්ෂක ලේකම්

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

එන්නත්කරණය සඳහා ජනාධිපතිවරයා විසින් හමුදාව යෙදවූයේ රටේ මිලියන දෙකහමාරක් එන්නත් තිබියදී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජන වලට යොමුවූ නිසා බවත් සෞඛ්‍ය අංශ දිනකට 2500 බැගින් එන්නත්කරණය කරමින් සිටියදී හමුදාව ඊට එක්වීමෙන් පසු එය දිනකට ලක්ෂ 5 දක්වා ඉහළ නැංවීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

“මොකක් හරි වසංගත රෝගයක් ඇතිවෙලා ඒ වසංගත රෝගය නිසා රටේ මිනිස්සු මැස්සො මදුරුවො බල්ලො බළල්ලු වගේ මිය යනවා නම් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒවගේ වෙලාවට අපේ යුතුකමක් තමයි ආරක්ෂක හමුදා ඒ අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැන්වලට යොදන එක.

ඉතිං එක වෙලාවක එන්නත් මිලියන දෙකහමාරක් ලංකාවට ගෙනාපු ගමන් සෞඛ්‍ය අංශවල විවිධ ක්ෂේත්‍රවල වැඩවර්ජනයකට යන්න සූදානම් වුණා. සමහරු වැඩවර්ජනයකට ගියා. එතකොට අතිගරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට ඔබ ගිහිල්ලා මේ එන්නත්කරණය ලබාදෙන්න. ඉතිං එතකොට තමයි අපි යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මේ තුනම ඉදිරියට ආවෙ. වෙනදාට මේ එන්නත්කරණය දවකට 2500 ගහපු දවසුත් තිබුණා, සමහර දවස්වලට 3500යි 4000යි 5000යි. මේ හමුදාවල් ඉදිරියට ආවාම එක දවසට මිලියන් බාගයක්, එහෙම නැත්නම් ලක්ෂ 5ක් එන්නත් කරපු දවස් තිබුණා.

මම බොහොම වගකීමෙන් කියනවා අපි මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව වගේ රෙජිමේන්තු පාවිච්චි කළේ නෑ. පාවිච්චි කළේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන පුරුදු පුහුණු කරපු අයවලුන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *