වව්නියාවේ අද්භූත මිනිසුන්ගේ සංචාරයේ වර්ධනයක්

අද්භූත මිනිසුන්ගේ සංචාරයේ වර්ධනයක්

අද්භූත මිනිසුන්ගේ සංචාරයේ වර්ධනයක්

වව්නියාව – මදවුවෛත්තකුලම් ප්‍රදේශයේ අද්භූත මිනිසුන්ගේ සංචරණයන් පසුගිය දෙසතිය තුළ වැඩි වී ඇති බව එම ප්‍රදේශයේ ගම්වාසීන් පවසා ඇත. මදවුවෛත්තකුලම් ප්‍රදේශයේ පසුගිය දෙසතිය තුළ හඳුනාගත නොහැකි අයුරින් මුළු ශරීරය පුරා වර්ණ ආලේප කර නිරුවතින් ඇතැමුන් සංචාරය කරමින් සිටී.

කාන්තාවන් තනිවම සිටින නිවෙස් ඉලක්ක කොට ගෙන සහ ගෘහ මූලිකයා නිවසේ නොමැති අවස්ථාවන්හි නිවෙස් තුළට රිංගා නිවෙස්වල තනිවම සිටින කාන්තාවන් සමග අනවශ්‍ය ලෙස හැසිරීමටද මෙම අද්භූත මිනිසුන් උත්සාහ කර ඇත.

අදාළ අද්භූත මිනිසුන්ගේ හිංසනයන් පසුගිය සති දෙක තුළ වැඩි වී ඇති හෙයින්, මදවුවෛත්තකුලම් ප්‍රදේශයේ ජීවත් වන ජනයා නිදහසේ සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවට ජනතාව චෝදනා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාමීය ජනතාව වන්නියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබුණද ඔවුන් සම්බන්ධ කරුණු පිළිබඳව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවටද, අද්භූත මිනිසුන්ගේ සංචාරය පාලනය නොකළහොත් අදාළ ගම්වාසීන් නිදහසේ රාත්‍රී කාලයේ සිටීමට නොහැකි බවටද ගම්වැසියන් චෝදනා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *