UAE පිටව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට පී.සී.ආර් පරීක්ෂණ මෙරටදී කඩිනමින් ලබා දීමට පියවර

Passenger jet airplane taking off at sunset. Beautiful sky with dramatic red clouds.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය(UAE) සඳහා පිටව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මෙරටදී කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, එතෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා විදේශගත වීමට සූදානම් වීමෙන් වළකින ලෙසය.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, අදාළ රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණය වෙනුවට වෙනත් පරීක්ෂණයක් ගුවන් තොටුපොළේදී සිදු කිරීමට අනුමැතිය ලබා දෙන්නැයි තම ආයතන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කළ බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටව යාමට සූදානම් වී සිටින ශ්‍රමිකයින්ට රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මෙරට නොමැතිවීම හේතුවෙන් ශ්‍රමිකයින් රැසක් මේ වනවිට අපහසුතාවට පත්ව සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *