දිස්ත්‍රික්ක 6 ක කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවයි, තත්ත්වය භයානකයි – PHI සංගමය

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිස්ත‍්‍රික් 6ක කොවිඞ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

කුරුණෑගල, පුත්තලම, කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ යන දිස්ත‍්‍රික්කවල රෝගීන් සඳහා රෝහල්වල ඉඩකඩ සීමිතව පවතින්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

රට ඉතාම නරක තත්ත්වයට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් බාලසූරිය මහතා මේ පිළිබදව සියලූ දෙනාගේ අවධානය ඉක්මනින් යොමු කළ යුතු යැයි ද කියා සිටියේය.

දිනපතා වාර්තාවන රෝගීන් ගණන හා සිදුවන මරණ සංඛ්‍යාව ද වැඩිවෙමින් පවතින බවත් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් රෝගීන් නිවාසවල තබාගෙන බලාගැනීමට සිදුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වාර්තාවන රෝගීන්ගේ රෝගලක්ෂණ බැලූවිට ඔවුන්ට වැළදී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බව පැහැදිලි වන්නේ යැයි ද පවුලේ එක් අයෙකුට වැළදුණු විගස අනෙක් සියලූ දෙනාට ද බෝවීම එම ප‍්‍රභේදයේ ලක්ෂණයක් බව ද බාලසූරිය මහතා කීය.

මේ වනවිට සංචරණ සීමා ලිහිල් කර තිබුණත් සියලූ පුරවැසියන් ස්වයං වාරණ පනවාගත යුතු යැයි ද ගමන් බිමන් අවම කළ යුතු යැයි ද ලේකම්වරයා සදහන් කළේය.

කොවිඞ් එන්නතෙන් සිදුවන ආරක්ෂාව ලබා ගැනීමට එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන සති කිහිපයක් ගතවිය යුතු බවත් එන්නත ගෙන ඇති අයට රෝගය වැළදීමට හැකියාවක් ඇති බවත් පෙන්වා දුන් බාලසූරිය මහතා එන්නතෙන් සිදුවන්නේ මරණීය තර්ජනය අවම වීම යැයි ද පැවැසිය.

මේ අවස්ථාවේ රට පවතින්නේ ඉතා දරුණු හා භයානක අවස්ථාවක බැවින් කොටහළු මගුල් උත්සව, විවාහ මංගල උත්සව, සම්භාෂණ හෝ ප‍්‍රියසාද නවතාලන්නැයි තමන් ජනතාවට ආයාචනා කරන බවත් රජයට හෝ සෞඛ්‍ය බලධාරින්ට පමණක් නොව මෙම විනාශයෙන් ගැලවිමේ වගකීමක් ජනතාවට ද ඇති බවත් බාලසූරිය මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *