සංචරණ සීමා ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයි - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයි - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනයවීම ඉතා දැඩි අනතුරුදායක තත්වයක් බවද එම නිවේදන මගින් අනතුරු අඟවයි.

ඒ අනුව තීරණ ගැනීමේදී බලධාරීන් හට මෙම සත්‍ය තත්වය පැහැදිලි කරදීමට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් සැඟවීම සහ ඔවුන්ගේ ඇල්මැරුණු ස්වභාවය ගැන සිය සංගමය දැඩි ලෙස කනගාටු වන බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වුවහොත් තවත්දින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයද ඉක්මවා යන හෙයින් එම තත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීමටද හේතුවක් වනුඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම කළයුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක පසුරා ගැනීම මෙන්ම එයට සමාන්තරව දෛනිකව හමුවන ආසාදිතයින් ප්‍රමාණය අඩුවන තත්වයක් පෙන්නුම් කරන විටදී බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු දැනට පවතින තත්වය ගැන නැවත සමාලෝචනයක් කර සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *