සෙනඟ පිරුණු බස්වලින් කොවිඩ් බෝවීම නියතයි

0

සෙනඟ පිරුණු බස් රථවලින් කොවිඩ් රෝගය බෝවීම ස්ථිරයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයකට ලක්වනතුරු ඉදිරි මාස දෙක තුළ හැකි තරම් සංචරණ සීමා කරන්නැයිද ඇය ඉල්ලා සිටින්නීය .

පොදු ප්‍රවාහනයේදී ජනතාව සෞඛ්‍ය නීති ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පැවසූ ගුණරත්න මහත්මිය අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳ පොදු බස් රථවල ගමන් කළ යුතු බවද සඳහන් කළාය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com