රිෂාඩ් නිසා යළි පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

විපක්ෂ‌යේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් රිෂාඩ් බදීයුදින් මහතා අත් අඩංගුවට ගැනීමේ හේතුව විමසා සිටීම හා ඒ් සඳහා එංගලන්ත පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් කිරීම ගැන සඳහන් කරමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කළ ඉල්ලීම හමුවේ (04) පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්වයක් හට ගත්තා.

එහිදී රිෂාඩ් මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගත් හේතුව පරීක්ෂණ සඳහා බවයි කථානායකවරයා පවසා සිටියේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශයක් සඳහන් කරමින් පවසා සිටියේ තමා අත් අඩංගුවට ගෙන මේ වනවිට දින 100කට අධිි කාලයක් ගත වන අතර තමා දින 5ක කාලයක් පමණක් පරීක්ෂණ හා විමර්ශන සිදු කර සිටි බවත් ඉන් අනතුරුව මේ දක්වා කාමරයක දමා වසා සිය අත්‍යාවශ්‍ය කටයුුතු සඳහා පමණක් කාමරය විවෘත කරන බව පවසා සිටියා.

මේ අතර සිය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බාල සුබ්‍රමනියම් හට දුරකථන මාර්ගයෙන් විනාඩි එකහාමාරක කාලයක් කථා කිරීමේ ‌‌චෝදනා මත තමා අත් අඩංගුවට ගත් බවද රිෂාඩ් මන්ත්‍රිතුමා වැඩිදුර සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුවේදී මෙම උණසුම් තත්වය හට ගත්‌තේ (04) දින පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණී සිටි අවස්ථාවේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *