කිරිපිටි ආනයනය සීමා වෙනවා නම් කරන්න දෙයක් නෑ ඉතිං: පීඩාව විඳින්න සිද්ධ වෙනවා – බන්දුල ගුණවර්ධන

කිරිපිටි ආනයනය සීමා වෙනවා නම් කරන්න දෙයක් නෑ ඉතිං; මුහුද දිහා කට අයාගෙන හිටියොත් පීඩාව විඳින්න සිද්ධ වෙනවා - බන්ධුල

කිරිපිටි ආනයනය සීමා වෙනවා නම් කරන්න දෙයක් නෑ ඉතිං; මුහුද දිහා කට අයාගෙන හිටියොත් පීඩාව විඳින්න සිද්ධ වෙනවා - බන්ධුල

කිරිපිටි ආනයන සීමා කිරීමට සිදුවෙතැයි කිරිපිටි සමාගම් පවසන්නේ නම් ඒ ගැන රජයට කරන්නට කිසිවක් නොමැති බවත් මුහුදට කට අයාගෙන සිටින්නේ නම් දුෂ්කර අවස්ථාවකදී රටේ ජනතාවට පීඩාවට පත්වීමට සිදුවන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය – පවතින තත්වය යටතේ කිරිපිටි ආනයනය සීමා කරන්න වෙයි කියලා සමාගම් කියලා තිබුණා?

“ඔව් ඉතිං කරන්න දෙයක් නෑ, ඒක ලෝකයේ පවතින යතාර්ථයනෙ. අපි මේ ලෝකයම කොවිඩ් 19 වසංගතය යටතේ කන්ටේනර් ගාස්තු ඩොලර් 300 තිබුණු එක 1200ට වැඩිවෙලා තිබෙනවා. කන්ටේනර් හිඟවෙලා තියෙනවා. ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. ලෝකයේ හැම රටකම භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලේ වගේ ඉහළ යනවා.

ඒ වගේ අවස්ථා වලදී රටට තියෙන විසඳුම ආනයනය කරන කිරිපිටි මත රඳාගෙන සිටීම නෙවෙයි. පුළුවන් තරම් දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම තමයි මෙයට ලබාදෙන්න තියෙන උත්තරය. මොකද මුහුද දිහා කට අයාගෙන හිටියොත් දුෂ්කර අවස්ථාවකදී ඒ රටේ ජනතාවට ඒ පීඩාව විඳින්න සිද්ධ වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ (22) හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *