විදේශ රැකියා සඳහා යන සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් එන්නත – නිමල් සිරිපාල ද සිල්වා

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්; විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් - නිමල් සිරිපාල ද සිල්වා

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්; විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් - නිමල් සිරිපාල ද සිල්වා

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යෑමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් දීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වන විට රටවල් පහළොවකට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇමැතිවරයා කීවේය.

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා එම අදහස් පළ කර තිබේ.

ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යෑමට නියමිතය.

එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර් එන්නත එම විදේශ රැකියා සඳහා යෑමට අපේක්ෂිත සියලුදෙනාට දීමට කටයුතු කිරීමට සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහිදී සිය එකඟතාව පළ කළේය.

ඒ අනුව ඉදිරි සතියේදී කොළඹ මධ්‍යස්ථානයකදී එම සියලු දෙනාට එම එන්නතේ පළමු මාත්‍රාව දීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහිදී අවධානය යොමුව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *