එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දුවක් සිදුවන බවටත් සැකයක්…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වෙමින් ඇතැයි පරිසරවේදීහු 22වන දින අනාවරණයක් කළේය. මෙම අනාවරණය සිදු කළේ පරිසර යුක්ති කේන්ද්‍රය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔවුන් ඊට අදාළ දර්ශනද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ…

“නැව ගිලීමත් එක්කම ස්ටාර් නිව්ස් මට මතක විදියට වීඩියෝවක් තිබුණා, නැවෙන් තෙල් පිට වෙනවා කියලා. නමුත් අපේ රජය කියුවා තෙල් පිටවීමක් නැහැ පොඩි කාන්දුවක් තියෙනවා. ඒක සැලකිය යුතු කාරයක් නෙවේ කියලා. ඉතා බරපතල කාරණයක් විදියට තෙල් පිටවීම තිබෙනවා. මේක පිළිබඳව අපේ අය තාමත් නිසි ආකාරයට මෙය විසඳන්න කටයුතු කරලා නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ තෙල් පිට වෙන්නේ එන්ජිමට භාවිත කරන තෙල් ටැංකිවලින්. මෙච්චර මුහුද නිසලව තිබිච්ච දවස් දෙක තුනක් තිබුණත් ඒක වහන්න කටයුතු කරේ නැහැ තවමත්. ඒක කරානම් තෙල් ලීක් එක නතර කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ ඒ නිසා මුදල් වියදම් කරන්නේ නැත්නම් අපේ මහ මුහුද දිගින් දිගටම මේක නිසා දූෂණය වේවි.”

පරිසරවේදී සජීව චාමිකර…

මේ කැස්බෑ විශේෂ දැනට නිදර්ශක විදියට හම්බෙලා තියෙනවා 275ක් පමණ වෙරළට ගහගෙන ඇවිල්ලා තියෙනවා මිය ගිය සතුන්. මෙතැන්දි පර්යේෂණයට ලක්වෙලා බැලුවාම පේනවා රසායන ද්‍රව්‍ය සහ තෙල්වලට විවෘත වීමේ ප්‍රතිඵල විදියට තමයි මේ සතුන් මිය ගිහින් තියෙන්නේ. වරාය සහ පෝට් සිටි ඉදිකිරීම් නිසා දකුණු කලාපයේ ඉඳලා උතුරු කලාපයට විහිදෙන දියවැල්වලට බාධක කලාපයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා සිදු වන ගැටලුකාරී තත්වය තමයි මේ නැවෙන් කාන්දු වන තෙල් සහ රසායන ද්‍රව්‍ය වැඩි කාලයක් රැඳීලා තියෙනවා. ඒකත් එක්ක බැඳිලා තියෙන ජෛව ප්‍රජාව සීඝ්‍ර බිඳවැටීමකට ලක් වෙනවා. මේකේ සම්පූර්ණ වගකීම අපි විතරක් භාර අරගෙන අපිට විතරක් කරන්න බැහැ. අපිට ඒකට අවශ්‍ය තාක්ෂණය නැහැ, මුදල් නැහැ කියලා මේක අතෑරලා දාන්න බැහැ.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *