දෙතුන් දෙනෙක්ගේ විදෙස් ගිණුම්වල ඇති ඩොලර් කෝටි ගාණක් බදු සහන යටතේ ගේන්න හදනවා – හර්ෂ

මෙතක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් නොකරන ලද ශ්‍රී ලාංකිකයින්ගේ දෙස් විදෙස් මුදල් 1%ක ගාස්තුවක් පමණක් යටතේ කිසිදු විමර්ශනයකින් තොරව ආයෝජන සඳහා යෙදවීමට අවස්ථාව ලබාදෙමින් රජය සකස් කර ඇති නීතිය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

 

“මේකෙ කියන්නෙ කිසි ප්‍රශ්නයක් අහන්නෙ නෑ, මේ පිළිබඳව සොයා බලන්නෙ නෑ, විමර්ශනයක් නෑ, මොකුත් නෑ, ඒ නීත්‍යානුකූල නොවන වත්කම් නීත්‍යානුකූල කිරීම සඳහා ගැසට් එකක් ගහලා තියෙනවා. හැබැයි මෙතන ගැටළුව තියෙන්නෙ කාගෙ සල්ලිද මේ එන්නෙ, දෙතුන් දෙනෙක්ගේ පිටරට ගිණුම්වල කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් තියෙනවාද දන්නෙ නෑ, එව්වා මෙහෙට ගේන්න හදන වැඩපිළිවෙලක්ද අපි දන්නෙ නෑ. මේ ගැන හොයාබලන්න කිසිම හැකියාවක් නෑ කියලා නීතියෙන්ම කියනවා. එතකොට කිසිම විනිවිදභාවයක් නෑ.

ජාත්‍යන්තරව අප කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න ඉඩක් තියෙනවා. කළු සල්ලි සුදු කරන ස්ථානයක් බවට මේක පරිවර්තනය වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. පෝට් සිටි පනත සම්බන්ධයෙන් අපි ගෙනාපු එක සංශෝධනයක් තමයි මේ සඳහා සුදුසු නීති පාර්ලිමේන්තු පනතට ඇතුළු කරන්න කියලා රජය ඒක පිළිගත්තෙ නෑ. ඒකයි මේකයි අතරේ සම්බන්ධයක් තියෙනවාද කියලා අපි දන්නෙ නෑ. එතකොට පෝට් සිටි පනතෙන් පස්සෙ මේක ගේන්නෙ ඒකට ආදේශ කරන්නද කියලා අපි දන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ 18වන දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *