කොවිඩ් 19 ආසාදිතව මිය ගිය බහුතරයකට කොවිඩ් මර්දන එන්නත් ලැබී නැහැ

කොවිඩ් 19 ආසාදිතව මෙරටදී මිය ගිය පුද්ගලයන්ගෙන් බහුතරයක් කොවිඩ් මර්දන එන්නත් නොලැබුණු අය බව අනාවරණය වී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පය එන්නත ගැනීම බවත් එන්නත නොගත් සියලු දෙනා එය ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු කියා තිබෙනවා.

එන්නත ගැනීම සඳහා කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත් ඉල්ලන හමුදාපතිවරයා මෙතෙක් ලොව පුරා මේ රෝගයට හොඳම විසඳුම එන්නත්කරණය බව පිළිගෙන ඇති බව කියනවා. මේ වන විට එන්නත්කරණය ඉතා සාර්ථකව කර ගෙන යන අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ 73%කට වැඩි පිරිසකට එන්නත ලබාදී ඇති බවයි ඔහු කියන්නේ. රටේ සමස්ත ජනගහනය එන්නත් කිරීමෙන් පසු රට විවෘත කිරීමට හැකි බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *