(Video) ජනපතිගේ ඇහැට නාමපුවරුව කැතයිලු… ගලවන්න නියෝගයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් දකුණු ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් දකුණු ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් ඇරඹේ

පිලියන්දල මොරගහහේන මාර්ගය ආසන්නයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට සිවිකර තිබෙන නාමපුවරුවක් ගලවා ඉවත් කරන ලෙසට අවස්ථා තුනකදී පැමිණ බලපෑම් කළ බව එම වෙළදසැළේ හිමිකරු සමාජමාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හරිමින් පවසා තිබේ.

128 බස් මාර්ගයේ ජනාධිපතිවරයා ගමන් ගන්නා බැවින් එය දෙපස පිහිටි වෙළඳසැල්වල නාම පුවර මෙලෙස ගලවා දමන ලෙසට බලපෑම් කර ඇත්තේ මාර්ගය දෙපස ඇති අවලස්සන දර්ශන ජනාධිපතිවරයාට දර්ශනය වීම වැළැක්වීමට බව ඔවුන් පවසා ඇත. හොරණ ප්‍රාදේශීය සභවේ, සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයේද පනහක පමණ පිරිසක් මාර්ගය දෙපස පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල නාමපුවරු මෙලෙස ඉවත් කර ඇති බව පැවසේ.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදාහරිමින් ඔහු මෙසේ පවසයි…

“දුප්පත් මිනිස්සුන්ට සෙත හදන්න ඇවිල්ල මොනවද මේ කරන අසාධාරණ? හොරණ ප්‍රාදේශීය සභාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන්, ජනාධිපති ආරක්ෂක අංශයෙන් පනහක් විතර ඇවිල්ල පාර සුද්ද කරනවා. දැන් තුන්පාරක් ඇවිල්ල කියලා ගියා බෝර්ඩ් එක ගලවන්න කියලා. ලයිට්කණු වල තියෙන මරණ දැන්වීම් ගලවනවා. දුප්පත් මිනිස්සුන්ට ගහන්න එපා මේ විදියට. දුප්පත් මිනිස්සුන්ව මාර්කට් කරල ලොකු පුටුවලට ඇවිත් දුප්පත් මිනිස්සුන්ට ගහන්න එපා මේ විදියට. මේ දේශපාලනය නෙවෙයි කතා කරන්නේ. අහිංස මිනිස්සුන්ගේ ඡන්දෙන් බලයට පත්වෙලා ඔබතුමාලා ජෙට් එකක් වගේ මෙතනින් සුඛෝපභෝගී වාහනයක යනකොට දුප්පත් මිනිහගේ එළවළු විකුණන බෝර්ඩ් එක, තැඹිලි විකුණන බෝර්ඩ් එක, බුලත්විට විකුණන බෝර්ඩ් එකද මේ රටේ තියෙන ප්‍රශ්නේ මේව සක්කිලි වැඩ. ජරාවැඩ.” යනුවෙන් ඔහු පවසයි.

-lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *