පාර්ලිමේන්තුවට බැසිල් අවශ්‍යය ද? නැද්ද? යන්න මහජනතාවගේ ගැටළුවක් නොවේ – තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

පාර්ලිමේන්තුවට බැසිල් අවශ්‍යය ද? නැද්ද? යන්න මහජනතාවගේ ගැටළුවක් නොවේ - තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

පාර්ලිමේන්තුවට බැසිල් අවශ්‍යය ද? නැද්ද? යන්න මහජනතාවගේ ගැටළුවක් නොවේ - තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

ඉන්ධන මිල ඉහළ යෑම, ජීවන වියදම ඉහළ යෑම, පොහොර හිඟය යන ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා පහත දුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පෙරමුණ විසින් ඊයේ අඟහරුවාදා (06) දින මඩවල ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මඩවල ජිනමංගලාරාම විහාරය ඉදිරිපිට දී ආරම්භ කර මඩවල ප්‍රධාන හන්දිය තෙක් පෙළපාළියක් වශයෙන් පැමිණ මඩවල තෙල්දෙණිය හන්දියේ හඬ නඟා ඔවුන්ගේ විරෝධතාවය පළ කරන ලදී.

එහි දී පහත දුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ හිටපු මධ්‍යම පළාත් සභා සාමාජිකයෙකු ද වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ,

වර්තමානයේ රටේ කතා කළ යුතු ගැටළු බොහොමයක් පැවතිය දී ඒ සියල්ලම අමතක කර පාර්ලිමේන්තුවට රැගෙන එන්නේ කාවද? යන විවාදයෙන් රජය කල් ගත කරයි. පාර්ලිමේන්තුවට බැසිල් අවශ්‍යය ද? නැද්ද? යන්න මහජනතාවගේ ගැටළුවක් නොවේ.

ජීවන වියදම සහ ජීවනෝපාය සඳහා අරගල, කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධ ගැටළු, පාසැල් සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ගැටළු යනාදිය අද මහජනතාව මුහුණ දී ඇති ගැටළු වේ. ඒවා අතහැර දමා පාර්ලිමේන්තුවට රැගෙන එන්නේ කාවද? යන්න රජය ප්‍රධාන ගැටළුවක් කර ගෙන තිබේ. මෙය මහජනතාවගේ ගැටළුවක් නොවේ.

එහෙයින් මහජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දිය නොහැකි නම් ඉල්ලා අස් වී රට පාලනය කළ හැකි කණ්ඩායමකට රට භාර දෙන ලෙස ඉල්ලා සිටිමි යැයි ඔහු පැවසීය. පසුව පිරිස නිශ්ශබ්දව විසිරී ගියේය. මෙම උද්ඝෝෂණය සඳහා සියයකට අධික පිරිසක් සහභාගී විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *