(VIDEO)පුත්තලමේ කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සජිත්ගෙන් ලක්ෂ විසිතුනහමාරක උපකරණ

(VIDEO)පුත්තලමේ කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සජිත්ගෙන් ලක්ෂ විසිතුනහමාරක උපකරණ

(VIDEO)පුත්තලමේ කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට සජිත්ගෙන් ලක්ෂ විසිතුනහමාරක උපකරණ

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන සහ ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 19වන පියවර ලෙස රුපියල් විසිතුන්ලක්ෂ හැටපන්දහසක් (රු.2,365,000.00) වටිනා රෝහල් උපකරණ විපක්ෂ නායක කාර්යාලයේ දී පුත්තලම මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ඒ.සී. දිසානායක මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, රුපියල් 1,200,000 වටිනා CAPAP/Bipa Resmed Stella 100 යන්ත්‍රයක්, එකක් රුපියල් 275,000 වටිනා Multipara Monitor යන්ත්‍ර තුනක්, එකක් රුපියල් 85,000 වටිනා Syringe Pump දෙකක්, එකක් රුපියල් 85,000 වටිනා Infusion Pump දෙකක් මෙලෙස පරිත්‍යාග කෙරිණ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *