ඇමරිකානු – ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමේ අවදානමක්

ඇමරිකානු - ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමේ අවදානමක්

ඇමරිකානු - ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමේ අවදානමක්

ඇමරිකානු – ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර ඇත. ධනාත්මක චින්තන විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

රුසියාව සහ යුක්රේනය යන රටවල් අතර ඇති වූ අර්බුදයේ දී රුසියානු හමුදාවේ සහයෝගයෙන් ජනමත විචාරණයක් පවත්වා රුසියාව සමඟ එක් වී තිබේ. මෙවැනි අනතුරුදායක තත්ත්වයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයට ද ඇති විය හැකි බව මම මීට වසර 3 කට පෙරම ප්‍රකාශ කලෙමි. එමෙන්ම ඇමරිකානු – ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමේ අවදානමක් ඇති විය හැක. මෙයම ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ද පවසා ඇත. මෙවැනි යුධ හමුදා අතපෙවීම් රාජතාන්ත්‍රිකව වසන් කිරීමෙන් පළක් නැත.

ශ්‍රී ලංකාව තුළ රජයන් වෙනස්වීම නැතහොත් දෙමළ ජනතාව පිළිගන්නා විසඳුම් ලබා දීම කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු විය නොහැක.
යහපාලනය නමින් දේශපාලන වෙනසක් ඇති කර ද්‍රවිඩ පාර්ශවය අත් වැරදීමක් කරගෙන තිබේ. ද්‍රවිඩ එක්සත් විමුක්ති කොටි සංවිධානයේ අරගලයන් ශක්තිමත්ව තිබෙන තාක් කල් ඉන්දියාවට අනතුරක් නොතිබිණි.

තවද හම්බන්තොට වරාය පිළිබඳව ඉන්දියාවෙන් ප්‍රථමයෙන් විමසූ විට එයට ඉන්දියාව අකමැත්ත ප්‍රකාශ කළ පසු චීනය අතපොවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *