“මම විතරක් මැරෙනවා නම් එන්නත් ඉල්ලන්නේ නැහැ”: එන්නත් ඉල්ලා ගමක්ම විරෝධයක

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

වැලිවේරිය ඇතිකෙහෙල්ගල්ල බටහිර ප්‍රදේශයේ ජනතාව එන්නත් ඉල්ලා (23) විරෝධතාවයක නිරතවී තිබේ.

ඔවුන් පවසන්නේ කොවිඩ් වෛරසය පැතිර යෑමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින සිය ගම්මානයට මේ වනතෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී නොමැති බවය.

කොවිඩ් දෙවන රැල්ලේදී සිය ගම්මානය තුළින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ බවත් පසුගියදා සිය ගම්මානය දින 14කට වැඩි කාලයක් හුදකලා කර තිබූ බවත් ඔවූහු පෙන්වා දෙති.

මෙම ගම්මානයේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව 150කට අධික පවසන් ගම්වැයෝ වැඩි දුරටත් පවසන්නේ “අපේ ප්‍රදේශය දින 14කට වැඩි කාලයක් වහලා තිබුණා. මේ අවට තියෙන සියලුම ගම්වල එන්නත්කරණය සිදුකරලා තියෙනවා. නමුත් වැඩි අවදානමක් තියෙන ඇතිකෙහෙල්ගල්ල බටහිර ප්‍රදේශයට එන්නත් ලැබුණේ නැහැ. ඒ නිසා ගමේ ජනතාව තීරණය කළා විරෝධය දක්වලා හරි එන්නත් ටික ගෙන්නගමු කියලා. මේක අවදානම් ප්‍රදේශයක් නිසයි අපි මේ ඉල්ලීම කරන්නේ. සමහරවිට එන්නත් ලබාගන්න මාරාන්තික උපවාසයක් කරන්නත් වෙයිද දන්නේ නැහැ.” යනුවෙනි.

තවත් පුද්ගලයෙකු සඳහන් කළේ, “මම විතරක් මැරෙනවා නම් එන්නත් ඉල්ලන්නේ නැහැ. මට හැදුනොත් ගෙදර ඉන්න හැමෝටම හැදෙනවා නේ. ඒකයි එන්නත් ඉල්ලන්නේ.” යනුවෙනි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතිකෙහෙල්ගල්ල නැගෙනහිර කොටසේද ඊයේ සිට යළි අලුත් කොවිඩ් පොකුරක් ඇතිවෙමින් තිබෙන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *