මන්නාරම් දිස්ත්‍රික්කයේ කෝටි 52 වටිනා වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවයි

මන්නාරම් දිස්ත්‍රික්කයේ කෝටි ගානක් වටිනා වෘත්තීය පුහුණු ආයතනය පිහිටුවයි

මන්නාරම් දිස්ත්‍රික්කයේ කෝටි ගානක් වටිනා වෘත්තීය පුහුණු ආයතනය පිහිටුවයි

ලෝක බැංකුව මඟින් කෝටි 52 1/2ක මූල්‍ය ප්‍රතිපාදනයක් යොදා උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට මන්නාරම් දිස්ත්‍රික්කයේ (22) දින මුල්ගල තබන ලදී.

2017 වර්ෂයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස (22) දින මුල්ගල තබන ලදී.

මෙම ආයතනයේ අධ්‍යාපන සම්බන්ධීකාරකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් පැවති මෙම උත්සවය, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, මන්නාරම් දිස්ත්‍රික් දිසාපති සහ මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් සහකාර අධ්‍යක්ෂක යන අයගේ සහභාගීත්වයෙන් පැවතිණි.

මන්නාරම් දිස්ත්‍රික්කයේ අනාගත අභිවෘද්ධිය සඳහා මෙම උසස් වෘත්තීය පුහුණු ආයතනය පිහිටුවීම මන්නාරම් දිස්ත්‍රික් අධ්‍යාපන ප්‍රජාවගේ මගපෙන්වීමෙන් සිදු වූ අතර, මේ වෙනුවෙන් දැඩිව වෙහෙස මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාට ද සුභ පැතුම් එක් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *