පොහොර හිඟ කතාව අමූලික බොරුවක් – කෙහෙලිය රඹුක්වැල්ල

මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි, යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම, කිසිදු අයුරකින් සිදුවිය හැකි දෙයක් නොවන බවයි.

මේ අතර සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කැබිනට් මාධ්‍ය හමුවෙදී අද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

එහිදී රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසුවේ, වී අස්වන්න යහපත් පරිදි මෙවර ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් සහල් මාෆියාවට මුහුණදීමක්, ආරක්ෂිත තොගයක් සහ වෙළඳපොළේ මිල පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස සහල් තොගය ආනයනයට රජය තීරණය කළ බවයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *