ජිප්සීස් නායක සුනිල් CIDට යයි – තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් අන්තර්ජාලයට දාලා

ගීතයේ තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ ප්‍රචාරය වීම: ජිප්සීස් නායක සුනිල් CIDට පැමිණිල්ලක්

ගීතයේ තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ ප්‍රචාරය වීම: ජිප්සීස් නායක සුනිල් CIDට පැමිණිල්ලක්

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ‘තාත්ත මට ඇණපු ටොක්ක‘ ගීතයේ තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සුනිල් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

දේශපාලන වාසි වෙනුවෙන් තම ගීතය අවභාවිතා කිරීමට එරෙහිව ඔහු මෙලෙස පැමිණිලි කර ඇති අතර ‘තාත්තා මට ඇණපු ටොක්ක‘ ගීතයේ පදමාලාව වෙනස් කර, ‘නන්දෙ මට ඇණපු ටොක්ක‘ යනුවෙන් කියැවෙන එම ගීතයේදී වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අසාර්ථකභාවය හාස්‍යයට ලක්කර තිබේ.

මෙම ගීතය ‘චී රට මැණිකේ‘ නමැති ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය 12 වැනිදා සිට ප්‍රචාරය කර තිබෙන අතර මේ වනවිට එම ගීතය විසි එක්දහසකට අධික පිරිසක් හුවමාරු කරගෙන ඇත. ජිප්සීස් නායක සුනිල්ගේ කටහඬ අනුකරණය කරමින් ඊට සමාන ස්වරයකින් යුතු වෙනත් පුද්ගලයෙක් විසින් ගීතය ගායනා කර තිබේ. සිය අනුදැනුමකින් තොරව ගීතය ප්‍රචාරය වන බවත් ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු පවසන අතර මේ ගීතය සොරා ගැනීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ නඩු දැමීමට අවශ්‍යතාවයක් නැති බවයි.

මෙය තම සංගීත භාවිතාව සම්බන්ධ සදාචාරාත්මක ප්‍රශ්නයක් බව ඔහු කියයි. ඔහු පවසන්නේ තම ගීතවල දේශපාලන උපහාසය මිස මඩගැසීම් නැති බවත් මෙම ගීතයේ තනුව සොරාගත් අය එය වැරදි භාවිතයේ යෙදවීම පිළිබඳව ඇත්තේ කණස්සල්ලක් බවයි.

එම ගීතය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *