2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව යාපනයේ මන්ත්‍රීධූරයක් ගැලවෙයි; ගම්පහට එකක් වැඩිවෙයි

2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

ජනගහනය වර්ධනය වීම හා ඡන්දදායකයින්ගේ වැඩි වීම නිසා ගම්පහ දිස්ත්‍රීක්කයට මන්ත්‍රීධූරයක් වැඩිවී ඇති අතර යාපනය දිස්ත්‍රීක්කයට මන්ත්‍රීධූරයක් අඩුවී තිබේ.

පසගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයට මන්ත්‍රීධූර 18ක් හිමිව තිබූ අතර යාපනය දිස්ත්‍රීක්කයට හිමිව තිබූ මන්ත්‍රීධූර සංඛ්‍යාපව 7කි. මෙම වෙනස් වීම සිදුව තිබෙන්නේ 2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුවය.

මින් ඉදිරියට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව හතේ සිට හය දක්වා අඩුවී ඇත. අදාළ දිස්ත්‍රික්කයේ සිටින ඡාන්ද හිමියන් සංඛ්‍යාව අඩු වැඩි වීම මත එම දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *