ලංවිම මාෆියාවක් නිසා විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් ගැන හෙළිදරව්වක් – වෘත්තීය සමිති

විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක මාෆියාවක් නිසා ඉදිරියේදී විදුලි බිල වැඩි වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, දූෂිත දේශපාලනඥයින්, කූඨ ව්‍යාපාරිකයින්, අවස්ථාවාදී වෘත්තිකයින් සහ වංක නිලධාරීන් විදුලිබල මණ්ඩලයේ මාෆියාව ලෙස හැඳින්විය හැකි බවය.

විදුලිබල පනත 30වන වගන්තියට යම් සංශෝධනයක් සිදු කර විදුලි මිල වැඩි කිරීමේ බලය අමාත්‍යාංශයට, කැබිනට් මණ්ඩලයට හෝ විදුලිබල මණ්ඩලයට ගැනීමේ උත්සාහයක රජය නිරතවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *