ICC Hall Of Fame – ක්‍රිකට් විරුවන් අතරට කුමාර් සංගක්කාරත්

ICC Hall Of Fame - ක්‍රිකට් විරුවන් අතරට කුමාර් සංගක්කාරත්

ICC Hall Of Fame - ක්‍රිකට් විරුවන් අතරට කුමාර් සංගක්කාරත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව තෝරනු ලබන ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨයින් (ICC Hall Of Fame 2021) අතරට ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ඨතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාරද ඇතුළත්ව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (13 වැනිදා) සවස 10 දෙනකුගෙන් යුත් මෙම නාමාවලිය ප්‍රසිද්ධියට පත් කර ඇති අතර මීට පෙර එම නාමාවලියට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් 2016 දී ඇතුළත් කරනු ලැබීය.

මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම කඩුළු රකින්නා සහ පිතිකරුවා යනුවෙන් අද ප්‍රකාශයට පත් කරනු ලැබූ නාමාවලියේදී කුමාර් සංගක්කාර හඳුන්වා තිබේ. මෙම ලැයිස්තුවට එක්වන විශිෂ්ඨයින් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද හිස් වැස්මක් (කැප් තොප්පියක්) හිමි වේ.

ICC Hall Of Fame 2009 වසරේ දී හඳුන්වා දෙනු ලැබූ අතර මේ දක්වා වාර්ෂිකව එම ලැයිස්තුවට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධාකාරයෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 103 දෙනෙකු ඇතුළත් කර තිබේ. අද දිනයේදී එම නාමාවලියට එක් වූ ක්‍රීඩකයන් පහත දැක්වේ.

ඕබ්රි ෆෝක්නර් (දකුණු අප්‍රිකාව), මොන්ටි නෝබල් (ඕස්ට්‍රේලියාව), ශ්‍රීමත් ලියරි කොන්ස්ටන්ටයින් (බ.ඉ.කොදෙව්), ස්ටැන්ලි මැකේබ් (ඕස්ට්‍රේලියාව), ටෙඩ් ඩෙක්ස්ටර් (එංගලන්තය), විනෝ මන්කාඩ් (ඉන්දියාව), ඩෙස්මන්ඩ් හේන්ස් (බටහිර ඉන්දීය කොදෙව්), බොබ් විලිස් (එංගලන්තය), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ) සහ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *