කොවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් අනුව ලංකාව ඉන්දියාවට වඩා ඉතා භයානක තැනක – GMOA

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියයි..

රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් නොපෙනෙන බව කී වෛද්‍යවරයා සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයැයි ද සඳහන් කළේය.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා කීවේය.

ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දුන්නේය.

මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *