කොරෝනා මර්ධනයට ඖෂධයක් සොයාගත් බව කියන ගාල්ලේ වෛද්‍යවරයා ගැන පරික්ෂණයක්

ගාල්ලේ රජයේ රෝහලක සේවය කරන බටහිර වෛද්‍යවරයකු කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හා එම ඖෂධ මුදලට අලෙවිකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම වෛද්‍යවරයා සොයාගත් බව කියන කොරෝනා මර්ධන ඖෂධය නිසි ලිපායදිංචිකින් හෝ පර්යේෂණයකින් හෝ තහවුරු කර ගත්තේ ද යන්න පිළිබඳව එය කිසියම් ආකාරයකින් ජාවාරමක් බවට පත්කරගෙන ඇතැදැයි යන්න පිළිබඳවත් සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

මේ පිළිබඳ ඇතැම් පර්ශ්ව පොලිසියට පැමිණිලිකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇතැයි ද ඔහු පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *