කොරෝනා අස්සේ නගර අලංකරණය කරන්න කලින් මිනිසුන්ගේ ජීවිත අලංකරණය කරන්න – සජිත් ප්‍රේමදාස

නගර සියයක් අලංකාර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බව ආණ්ඩුව තේරැම් ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොරෝනා ව්‍යසනයෙන් ජනතාව ආරක්ෂා කරගෙන ජන ජීවිතය නගා සිටුවීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනය කරයි.

“නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ් පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි.එහෙත්,මේ ව්‍යසනකාරී මොහොතේ කකොරෝනා අස්සේ නගර අලංකරණ ව්‍යාපෘති – සජිත් ප්‍රේමදාසළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.

දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතල ලෙස කඩා වැටී තිබේ.මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත.ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති අතර,වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ.එනයින් ගත්විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත.‍ගුරුවරු,උපකාරක ගුරුවරු ඇතුලු සමස්තය ද දැඩිසේ පීඩාවට පත්ව ඇත.

මේවනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත.පොහොර හිඟයෙන් ඔවුන් සුසුම් හෙලන අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප්‍රමාණ පීඩාවකට පත්ව සිටී.රටම ආහාර හිඟයක සහ සාගතයක පෙරනිමිති දැක දැක සිටී.ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට නොහැකිව ජනතාව පීඩාවිඳිමින් සිටී.
මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද,උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.

මේ මොහොතේ සමස්ත මින්ස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *