චීන වරාය ව්‍යාපෘතියකට එරෙහිව සියරා-ලියෝන් හි වැසියන්ගේ විරෝධය

චීන වරාය ව්‍යාපෘතියබටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සියරා-ලියෝන් හී චීන වරාය ව්‍යාපෘතියකට එරට වැසියන් විරෝධය පළ කර තිබේ.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, මෙම චීන ආයෝජන වරාය ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවය.

සංචාරක ආකර්ෂණයක් වන ෆ්‍රීටවුන් අගනුවරට කිලෝමීටර් 35 ක් දකුණු දෙසින් පිහිටි බ්ලැක් ජොන්සන් ගම්මානයට මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් එල්ලවන බව ඔවුන් පෙන්වා දෙති.

විරෝධතාකරුවන් පවසන්නේ, සිත් ඇදගන්නා සුළු මනරම් වෙරළ සහ කිසිදු හානියක් වී නොමැති වැසි වනාන්තරයකින් සමන්විත මෙම පරිසර පද්ධතිය, චිම්පන්සියන් සහ සුවිශේෂි පක්ෂි විශේෂයන්ට ආරක්ෂිත තෝතැන්නක් බවය.

සශ්‍රීක ගම්මානයක් කේන්ද්‍ර කර ගනිමින් මෙලෙස වරාය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තුළින් පරිසර පද්ධතිය විනාශ වී මුහුදු කලාපය දූෂණය වනු ඇතැයි විරෝධතාකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *