ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරන්න විපක්ෂය සැරසෙයි

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් , නව ආණ්ඩුවක් පිහිටුවීමට ඊශ්‍රායල් විපක්ෂ දේශපාලන පක්ෂ එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ අනුව නව ආණ්ඩුව සඳහා කණ්ඩායම් 08කින් යුත් සන්ධානයක් පිහිටුවා ඇති බවය.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී නෆ්තාලි බෙනට් ලැපිඩ් පත් කිරීමට නියමිතය.

කෙසේ නමුත් රජය දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් සිදු කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේය.

නිවේදනයක් නිකුත් කරමින් ලැපිඩ් මහතා, ජනාධිපති රුවන් රිව්ලින්ට මෙම ගිවිසුම පිළිබඳව දැනුම් දී ඇති අතර, මෙම රජය සියලු ඊශ්‍රායල් පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන බවට එමගින් ප්‍රතිඥා දී තිබේ.

නතෙන්යානු අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් පැවැත්වීම සඳහා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස්වන ලෙසද එරට විපක්ෂය ඉල්ලා ඇතැයි සඳහන්.

නෙතන්යාහුගේ දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂය මාර්තු මාසයේ පැවති ඡන්ද විමසීමේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත් ජනවරම ලබා දීමෙන් පසු පාලක සන්ධානයක් පිහිටුවීමට ඔහුට නොහැකි විය.

බෙන්ජමින් නෙතන්යාහු , යෝජිත නව රජය “සියවසේ වංචාව” ලෙස නම් කර ඇත්තේ එය රාජ්‍යයට හා ඊශ්‍රායලයේ ජනතාවට තර්ජනයක් වී ඇති බව පවසමින්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *