ඇමෙරිකාවේ තිබෙන කොවිඩ්-19 අමතර එන්නත් ලංකාවටත්

බයිඩන්ගෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.9 ක සහන පැකේජයක්

බයිඩන්ගෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.9 ක සහන පැකේජයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.

ඇමෙරිකාවේ තිබෙන අමතර එන්නත් ‘කොවිඩ්-19’ පැතිරයන අනෙක් රටවලට බෙදාහරින්නැයි ජෝ බයිඩන් පරිපාලනයට දැඩි පීඩනයක් එල්ල වූ අතර එන්නත් ගබඩා කරගෙන සිටින බවට ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු පරිපාලනයට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.

ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා (3) සිය එන්නත් බෙදාහැරීම වැඩසටහන ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එන්නත් බෙදාහැරීමේ පළමු කොටස යටතේ ආසියාව, ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය සහ අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 25ක් බෙදාහැරීමට නියමිත ය.

එයින් එන්නත් මාත්‍රා මිලියන හතක් ලැබෙන්නේ ආසියානු කලාපයට ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව් ගිනියාව, තායිවානය, සහ ශාන්තිකර දූපත් එම රටවල් ගොන්නට ඇතුළත් ය.

මේ අතර ජූනි මාසය අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන 80ක් ලොවපුරා බෙදාහැරීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර ඇතැයි ධවල මන්දිර වාර්තා සඳහන් කරයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *