ආචාර්ය ජගත් ගුණවර්ධනයන්ගේ නමින් නව හූනු විශේෂයක් ලොවට හඳුන්වා දෙයි

ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට සහ ප්‍රවීණ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතාට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව හූනන් විශේෂ දෙකක් ඔවුන්ගේ නම්වලින් නම් කර තිබේ.

ඒ නව ජීව විශේෂ නම් කර තිබෙන්නේ, ගුණවර්ධනගේ දිවාසැරි හූනා (Cnemaspis gunawardanai) සහ ගුණසේකරගේ දිවාසැරි හූනා (Cnemaspis gunasekarai) වශයෙනි.

ගුණවර්ධනගේ දිවාසැරි හූනා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයාගෙන ඇති අතර ගුණසේකරගේ දිවාසැරි හූනා රිටිගල ප්‍රදේශයෙන් හමුවී තිබේ.

මෙම නව හූනන් විශේෂ ලෝකයට හඳුන්වා දී ඇත්තේ, සමීර සුරංජන් කරුණාරත්න, තසුන් අමරසිංග, මන්ජිත මඩවල සහ අන්ස්ලම් සිල්වා යන පර්යේෂකයන්ය.

මෙම විශේෂ දෙක ම ශ්‍රී ලංකාවට ආවේණික වන අතර දැඩි ලෙස වඳවීමේ තර්ජනයකට ලක්ව සිටින බව පර්යේෂකයෝ පවසති.

ජගත් ගුණවර්ධන මහතාට ගෞරවයක් ලෙස මීට පෙර ද ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා නමින් මැඩියන් විශේෂයක් නම් කර තිබේ.

මීට පෙර ගෝඨයිම්බරගේ දිවාසැරි හූනා ඇතුළු හූනන් විශේෂ කිහිපයක් ලොවට හඳුන්වා දුන්නේ ද, සමීර සුරංජන් කරුණාරත්න පරිසරවේදියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *