ගිනි ගත් නැවේ සුන්බුන් අතපත ගෑ අයට ආසාත්මිකතා – මුහුදු පැලෑටි, කොරල්පර විනාශ වීමේ අවදානමක්

කොළඹ වරායට නුදුරු මුහුදේ මුහුදු බත් වෙමින් පවතින නෞකාව තුළ නයිට්රික් අම්ලය අඩංගු කන්ටේනර් 25 ක් පමණ තිබෙන බවත්, එම කන්ටේනර් තුළ අඩංගු නයිට්රික් අම්ලය මුහුදට මුසු වීමෙන් කිසිදු පියවිය නොහැකි හානියක් එම මුහුදු කලාපය තුළ සිදු වනු ඇති බවත්, ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.

නයිට්රික් අම්ලය මුහුදට මුසු වීමෙන් එම මුහුදු කලාපයේ සියළුම ජීවීන් සහමුලින්ම විනාශ වී යා හැකි බවත්, කොරොල් පර පවා දියව යා හැකි බවත් ඇය අනුමාන කරයි.

මේ වනවිටත් ප්ලාස්ටික් කොටස් ශරීරගත වීම නිසා ජීවිතක්ෂයට පත්වුණු මත්ස්‍යයින් වෙරළ තීරයට ගොඩගසමින් තිබෙන බවද මාධ්‍ය වාර්තා කරනවා.

අදාල නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය ඇති බවට තහවුරු වීමෙන් පසුව, ඉන්දියාව සහ කටාරය එම නැව ඔවුන්ගේ මුහුදු සීමාවට ඇතුළු වීම වලකා තිබිය දී ලංකාවේ බලධාරීන් නැව කොළඹ වරායට පැමිණීමට අවසර දී තිබුණි.

මුහුදුබත් වෙමින් ඇති නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ සුන්බුන් අතපත ගෑ කිහිප දෙනකුට යම් ආසාත්මිකතා වැළඳී ඇතැයි වාර්තා වෙයි.

එසේ බඩු භාණ්ඩ එක් කරන ලද ඇතැමුන්ගේ ලප මතු වී ඇති අතර තවත් සමහරකුට සම රතුවීම් දක්නට ඇතැයි සදහන්ය.

මෙම නෞකාවෙන් ගොඩබිමට එන කිසිදු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වලකින ලෙසත් නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ බවත් රජය විසින් දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබිණි.

ඒ නොතකා බොහෝ පිරිසක් පෙරේදා දිනයේ අදාල නෞකාවෙන් මුහුදු වෙරලට ගසාගෙන ආ බඩු භාණ්ඩ එක් කර ගන්නා ලදී.

එමෙන්ම කොළඹ වරාය ආසන්නයේදී ගිණිගත් නැව මුළුමනින්ම විනාශ වී එහි ගෙනගිය රසායනික ද්‍රව්‍යවලින් ලංකාවට දිගුකාලීන අහිතකර බලපෑම් සිදුවිය හැකි බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

අම්ල වැසි ඇති වීම සහ සමුද්‍ර තීරය රසායනික අපද්‍රව්‍යවලින් විනාශවීම යන මූලික බලපෑම් ඇතුළු අහිතකර බලපෑම් රැසක් සිදුවීමේ අනතුරුදායක තත්වය මේ වනවිටත් හඳුනාගෙන ඇත. පරිසර ඇමති මහින්ද අමරවීර අද මාධ්‍යට හෙළිකර තිබෙන්නේ එහි දිගුකාලීන බලපෑම් සිදුවන බවය.

මේ පිළිබඳව මීගමුව මුහුදු තීරයේ සිට මාධ්‍යවේදියෙකු සිදු කළ විමසීමකදී නාලක ගොඩහේවා ඇමතිවරයා පිළිගත නොහැකි පිළිතුරක් ආවේගාත්මකව ලබාදුන් අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා දැනට පවතින තත්වය පිළිබඳ කරුණු හෙළිකළේය.

ගිණි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, තිබී මුහුදට වැටී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදා නිලධාරීහු විසින් ආරම්භ කරනු ලැබූහ.

කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට ප්ලාස්ටික් , කඩදාසි ඇතුළු විවිධ ද්‍රව්‍ය මෙලෙස පැමිණෙමින් ඇත. එලෙස වෙරළ තීරයට පැමිණෙන ද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීමට නාවික හමුදා නිලධාරීන් 250 ක පමණ පිරිසක් 27 දා වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදා නිලධාරීයෙක් පවසයි.

මුහුදු වෙරළ තීරයට ගසාගෙන ආ ද්‍රව්‍ය රැගෙන ගිය ප්‍රදේශයේ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *