රටේ සෑම ග්‍රාම සේවා වසමකටම අලුතෙන් “ප්‍රජා පොලිස්” නිලධාරීන් : 25,000ක් බඳවා ගැනීමට නියමිතයි

රටේ සෑම ග්‍රාම සේවා වසමකටම අලුතෙන් “ප්‍රජා පොලිස්” නිලධාරීන් 25,000ක් ඉක්මවා යන සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාට අලුත් අමාත්‍යාංශයක් ඇති කළේ මෙහි පළමු පියවර ලෙස බවයි සඳහන් වන්නේ.
බඳවා ගැනීමට නියමිත “ප්‍රජා පොලිස්” නිලධාරීන් දෙදෙනා බැගින් එක් ග්‍රාම සේවා වසමකට පත්කිරීමටයි නියමිතව ඇත්තේ. ඊට නියමිත කැබිනට් පත්‍රිකාව ඉතා නුදුරේදීම ඉදිරිපත් කිරීමට සුදානම්ව තියෙනවා.
මේ වන විටත් මෙරට එක් ග්‍රාම සේවා වසමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සිව් දෙනෙක්වත් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අතර එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක විවිධ අමාත්‍යංශ නියෝජනය කරමින් ක්ෂේත්‍ර නිලධාරීන් 40ක ට වඩා වැඩි ගණනක් සේවයේ යෙදෙනවා.
ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට අයත් ‘සේවා පියස’ තුළ මෙම නව ‘ප්‍රජා පොලිස්’ නිලධාරීන් දෙදෙනා අනුයුක්ත කිරීමට නියමිතයි. ඒ අනුව මෙරට පවතින ග්‍රාම නිලධාරි වසම් 14,000 සඳහා 28,000ට වැඩි අලුත් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් බඳවා ගනු ඇත.
මේ සඳහා දැනට පොලිස් සේවයේ නියුතු පළපුරුදු නිලධාරීන් අනුක්ත කරනු වෙනුවට ගම් මට්ටමෙන් අලුතෙන් බඳවා ගන්නා පොලිස් කොස්තාපල්වරුන් යෙදවීමටයි ආණ්ඩුව සූදානම් වන්නේ. මේ සඳහා ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමෙන් තම දේශපාලන හිතවාදී පිරිස් බඳවා ගැනීමට ආණ්ඩුව සැරසෙන බවට පොලිසිය තුළම සැකයක් මතුව තිබෙනවා. අලුතෙන් බඳවා ගන්නා මේ පොලිස් නිලධාරීන් ඔවුන්ට අදාළ පොලිස් ස්ථානය සමඟ ඇති සම්බන්ධතාවයද මෙතෙක් පැහැදිලිකර නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *