(VIDEO)”ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතුයි” – ‘ඌරුජුවා,කොස්ගොඩ තාරක’ ඝාතනවලින් පසු සජිත්

(VIDEO)‘ඌරුජුවා’ ‘කොස්ගොඩ තාරක’ ඝාතනවලින් පසු සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(VIDEO)‘ඌරුජුවා’ ‘කොස්ගොඩ තාරක’ ඝාතනවලින් පසු සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු නමුත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව සමගි ජනබලවේගය පෙරට එන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (13)විපක්ෂ නායක කාර්‍යාලයේ දී මේ බව පැවසීය.

පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත්, එවන් ඝාතන තුළින් සැකකරු සමග ගනුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යන්න හැකි බවත්, එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *