දෙමළ ජනතාවගේ අරගලය ත්‍රස්තවාදයක් ලෙසට පෙන්නුම් නොකරන්න – එම්.ශ්‍රිධරන්

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජාතිවාදය විසින් බාධ පමුණුවන බව ,දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ශ්‍රිධරන් ප්‍රකාශ කළේය.තවද, මෙරට ජීවත් වන අනෙකුත් ජාතීන් හට නිවී සැනසිල්ලේ ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව තවදුරටත් නොලැබේ නම් ලංකාව ආගාධයේ පතුලටම යතැයි ද ඔහු සඳහන් කළේය.

මෙරටෙහි වෙසෙන පූජකයෙකු ඇතුළු තවත් සමහරුන් සංතෘප්ත කිරීමට රිෂාද් බදුර්දීන් මන්ත්‍රිතුමා ව මහ රෑ අත්අඩංගුවට ගැනීම ගැන සදහන් කරන ඔහු, දෙමළ ජනයාගේ අරගලය ත්‍රස්තවාදයක් ලෙස හුවා දැක්වීමට පක්ෂ විපක්ෂයන් උත්සාහ නොකළ යුතු බවත් ඉතා තරයේ ප්‍රකාශ කර සිටියේය.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කල් තැබීම විවාදයේ දී හු මෙසේ ප්‍රකාශ කර සිටියේය.

තවද, තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණය ජයග්‍රාහක ස්ටාලින් මැතිතුමාට ඔහුගේ සුබ පැතුම් එක් කළ අතර ,ලංකාවේ වාසය කරන දෙමළ ජනයාගේ සුභ සිද්ධිය උදෙසා ස්ටාලින් ගේ වගවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු යැයි සදහන් කළේය.

කොරෝනා යනු ත්‍රස්තවාදයක් නොවන බවත් එය භයංකර රෝගයක් බවත් සඳහන් කළ අතර කොරෝනා වෛරසයෙන් මියගිය අය සම්බන්ධයෙන් ඇති තොරතුරු කොතෙක් දුරට සත්‍යය දැයි යන්නට සමාජ මට්ටමෙන් සංවාදයක් ඇති බවත් සඳහන් කළේය. තවද උතුරු නැගෙනහිර පළාත්වල වැඩි ප්‍රමාණයක කොරෝනා මධ්‍යස්ථාන තිබෙන බවද , යාපනේ කෝපායි ඇතුළුව සමහර මධ්‍යස්ථාන යන් හි තුන් වේලම එකම ආකාරයේ ආහාර පාන සපයන බවට චෝදනාවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොඛ්‍යය අමාත්‍යාංශය මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *