පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීම සහ එලෙස ගත් තීරණය වෙනස් කිරීම ගැන පැහැදිළි කිරීම

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්‍වරයාගෙන් තමන් ලිඛිත ඉල්ලීමක් කරමින් මුළු පිළියන්දල ප්‍රදේශයම ලොක් ඩවුන්සංචරණ සීමාවන් පනවන ලෙස ඉල්ලා සිටිබව කැස්බෑව සෞඛ්‍ය වෛයද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසනවා. එහෙත් තමන්ගේ කිසිඳු දැනුවත් වීමකින් තොරව එම සංචරණ සීමාවන් ඉවත් කර ඇති බවයි ඇය කියන්නේ.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්‍ගෙන් මම ලිඛිත ඉල්ලීමක් කරා මුළු පිළියන්දල ප්‍රදේශයම ලොක් ඩවුන් කරන්න කියලා. නමුත් මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීම. එයින් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ. රෝහලක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා” ඇය පවසනවා.

මෙම සිමා ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මැදිහත් වූ බවයි වාර්තා වුණේ, ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියන්නේ පිළියන්දල ප්‍රදේශයේ එලෙස රෝගීන් වාර්තා නොවන බවයි.

“පිළියන්දල නගරයේ එහෙම රෝගීන් මතු වෙලා නෑ. ඒ හන්දා බුද්ධි අංශවල තොරතුරු එකතු කරලා හිටං ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා අපි ඉල්ලීමක් කරාම සෞඛ්‍ය බලධාරීන් ඒකට සාකච්ඡා කරලා ඒ සමහර කොටස් නිදහස් කරා. ඒක තමයි උනේ. නැතුව මම ඕවා අරින්න කිව්වේ නැහැ” ඔහු පවසනවා.

යුධ හමුදාපතිගේ පැහැදිළි කිරීම

යම් ප්‍රදේශයක් හුදාකලා කිරීමේ තීරණය ගන්නේ තත්වයන් විශ්ලේෂණය කර ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ නිර්දේශ මත බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියන්නේ. ඒත් පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට එලෙස ගත් තීරණය “ප්‍රබල ඉල්ලීම්” නිසා වෙනස් කිරීමට සිදුවූ බව යුධ හමුදාපතිවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් පල කළ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා “පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණයත් සමඟ විවිධ පාර්ශව වලින් මට දුරකතන ඇමතුම් රාශියක් ආවා. මේ අය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් මේ ගැන දැනුම් දී ඇති බව මට පසුව දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඉල්ලිම් “ප්‍රබල” නිසා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා.” යි ඔහු කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *