ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්; නාවික, ගුවන් හමුදාවන් සෙවිල්ලෙන්

ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්; නාවික, ගුවන් හමුදාවන් සෙවිල්ලෙන්

ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්; නාවික, ගුවන් හමුදාවන් සෙවිල්ලෙන්

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප‍්‍රභේදයද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බවද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙරට ධීවර ප‍්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප‍්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීමේ ඇති ප‍්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප‍්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා සදහන් කරයි.

කොවිඞ් වෛරසයේ ප‍්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානමද මතවතු ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප‍්‍රභේදයක් බවද වෛද්‍යවරයා පවසයි. ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව වයිරස් ප‍්‍රභේදය මෙරට ධීවර ප‍්‍රජාව මගින් අපේ රට තුළට පැමිණීමට ඇති අවධානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සදහන් කියයි.

ඉන්දීය ධීවර යාත්‍රා යොදා ගනිමින් පුද්ගලයින් 86 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර

ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් විසින් අනවසර සංක්‍රමණිකයින් ඇතුල්වීම වැළැක්වීම සඳහා පෝක් සමුද්‍ර සන්ධිය ඇතුලු මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

මේ අතරවාරයේ (04) දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන්හීදි ඉන්දීය ධීවර යාත්‍රා 11 ක් යොදා ගනිමින් පුද්ගලයින් 86 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉන්දියාවෙන් පුද්ගලයන් මෙරටට ඇතුළුවීමේ උත්සාහයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා රජය උතුරු මුහුදේ නාවික ආරක්ෂාව දැඩි කළ බව නාවික හමුදා මූලස්ථානය පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මේ සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනය තහනමි

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී (04)චෝදනා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *